දේශීය පුවත්

රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඇත් පැටවෙක් දේශපාලන අවශ්‍යතාවයක් මත පුද්ගලික බාරයට පැවරීමේ සූදානමක් පිළිබදව ලිපියක් භාරදීම සඳහා අද (13) අරලියගහ මන්දිරයට වැඩම කළ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එහි සිටි ආරක්ෂක නිලධාරින්ගෙන් බාධා එල්ල වුණි.

කෙසේවෙතත් එල්ල වූ බාධා හමුවේ වුවද උන්වහන්සේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගොස් අදාල ලිපිය භාරදීමට පියවර ගත්තේය.

රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඉසිර නැමැති ඇත් පැටවා නිතීවිරෝධි ලෙස දේශපාලන බලපෑමෙන් පුද්ගලික බාරයට පැවරීමේ සූදානමට එරෙහිවන්නැයි ලිපියක් භාරදීම සඳහා සුරකිමු ශ්‍රි ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද අරලියගහ මන්දිරයට වැඩම කළේය.

කෙසේවෙතත් එහි සිටි ආරක්ෂක නිලධාරින් උන්වහන්සේට පවසා සිටියේ එහි අනිත් දොරටුවෙන් පැමිණෙන ලෙසයි.

කෙසේවෙතත් එම දොරටුවෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුලු වීමට නොහැකි වීම නිසා උන්වහන්සේ නැවතත් ප්‍රධාන දොරටුව වෙත වැඩම කළ අතර එහිදී යම් නොසන්සුන්කාරි තත්වයක් හටගත්තේය.

අවසානයේ පාහිංයගල ආනන්ද සාගර හිමියන් අරලියගහ මන්දිරය වෙත ගොස් අදාල ලිපිය භාර දී නැවත පිටතට වැඩම කර සිටියේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාස්කු බෝම්බ ප‍්‍රහාරයේ වරදකරුවන්ට මරණ දඬුවම හිමි විය යුතුයි – ජනාධිපති

කුමන තරාතිරමක අයෙකු වුවද මහා සංඝරත්නයට අපහාස කරන්නේ නම් එය ප්‍රතික්ෂේප කරන අතරම පිළිකුල් සහගතව බැහැර කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිප...


Read More

රණවිරු බළකාය ගෝඨා ඉල්ලා මහින්දගේ කාල්ටන් නිවසට යයි

රට බේරා ගැනීමේ අරමුණින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කිරීමට ශ්‍රී ලංකා ජාතික රණවිරු බළකායේ නිලධාරී මණ්ඩලය අ...


Read More

‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාග විහාරයෙන් ඇරඹෙයි.

රට ජාතියට සෙත් පතා සිදු කළ‘‘මාතෘ භූමී සුරක්ෂා පූජා“ ආශිර්වාද පූජාව අද (16) පොහොය දින සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී විහාරාධිපති දර්ශනපති ...


Read More