කලා පුවත්

අති දක්ෂ චරිතාංග නිළියක වන අනෝමා ජනාදරි ආසියානු සිනමා උළෙලේදි ( Asian World Film Festival) හොඳම නිළියට හිමි සම්මානය දැවෙන විහඟුන් (Burning Birds) චිත්‍රපටයේ කුසුම්ගේ චරිතය වෙනුවෙන් දිනා ගත්තාය.

ඔක්තෝබර් 25 වැනිදා සිට නොවැම්බර් 02 වෙනිදා දක්වා ලොස් ඇන්ජලීස් නුවර දී උළෙල පැවති අතර අනෝමා ජනාදරි හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ ආසියානු කලාපයෙන් හොඳම විදේශීය ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් චිත්‍රපටය සඳහා තරඟවදින චිත්‍රපට 16ක් අතුරිනි.

සිනමා උළෙලේ අවසන් තිරගත කිරීම ලෙස තිඔරගෙන තිබුනේ ද අනෝමා ජනදරීගේ එම විශිෂ්ඨ රංගනය ඇතුළත් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘දැවෙන විහඟුන්’ (Burning Birds) සිනමා පටයයි.

ඒ පිළිබඳ උදිත ලක්මාල් කහඳවාරච්චි තැබූ සටහනක් පහතින්….

1998 වර්ෂයේ තිරගතවූ අශෝක හඳගමගේගේ ‘චන්ද කින්නරී ‘ සිනමා සිත්තම හරහා ශ්‍රී ලාංකේය රිදී තිරය ස්පර්ශ කල අනෝමා ජනාදරී, ‘දැවෙන විහඟුන්’ සිනමාපටය හරහා ලද පෙරකී ජයග්‍රහණය ඇය සිය සිනමා රංගන ගමන් මගේ ලද දෙවැනි අන්තර්ජාතික සිනමා සම්මාන ජයග්‍රහණය ලෙසත්, 70 වසරක් ඉක්මවූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ දේශීය නිළියක දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් (Long Feature Film) තුල මුදා හල රංග විශිෂ්ටත්වය වෙනුවෙන් ලද 19 වෙනි අන්තර්ජාතික ජයග්‍රහණය ලෙසත් ඉතිහාසයට එක්විය. මිට පෙර 2003 වර්ෂයේ සිංගප්පුරුවේ පැවති 16 වෙනි සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී අශෝක හඳගමගේගේ ‘තනි තටුවෙන් පියාඹන්න’ සිනමාපටය හරහා හොඳම ආසියානු කලාපීය සිනමා නිළියට පිරිනමන ‘Silver Screen Award for Best Actress’ සම්මානයෙන් පිදුම් ලද ඇය , වසර 14 කට පසුව යලිත් වතාවත් ආසියානු කලාපීය සිනමාපට උදෙසා වෙන්වූ සිනමා උළෙලකදී ‘හොඳම නිළිය’ ලෙසින් කිරුළ දැරීම කැපීපෙනේ.

2015 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ලොස් ඇන්ජලීස් ආසියානු ජගත් සිනමා උළෙලේ තරඟකාරී අංශය (Official Selection- Competition), ලෝ ප්‍රකට ඔස්කාර් සහ ගෝල්ඩන් ග්ලෝබ් යන ඇමෙරිකානු සිනමා සම්මාන උළෙලයන්හී හොඳම විදෙස් භාෂිත සිනමාපටය (Best Foreign Language Film) සඳහා වූ තරඟ අංශය වෙනුවෙන් නිළ වශයෙන් අයදුම්පත් යොමුකළ ආසියානු කලාපීය රටවල දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Long Features) උදෙසා වෙන්වන අතර, ඒ අනුව ශ්‍රී ලංකාව, ඉරානය, ඉරාකය, සිංගප්පුරුව, දකුණු කොරියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 16 ක සිනමාපට තරඟකාරී වටය සඳහා සුදුසුකම් ලබා තිබුණි. මෙම සිනමා උළෙල ‘දැවෙන විහඟුන්’ සිනමාපටය නියෝජනය කල දහසය වෙනි (16) අන්තර්ජාතික සිනමා උළෙල වූ අතර , ලද සම්මානය ‘දැවෙන විහඟුන්’ සිනමාපටය මේ දක්වා ලද සිව්වන (04) අන්තර්ජාතික සම්මාන ජයග්‍රහණය ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. එසේම මෙකී ජයග්‍රහණය සංජිව පුෂ්පකුමාර සිය සිනමා නිර්මාණයන් උදෙසා ලද නමවෙනි (09) අන්තර්ජාතික සිනමා සම්මාන ජයග්‍රහණය බවට පත්විය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘පොඩි පොඩි ආයතන නොවෙයි නීති විරෝධීව පත්කරපු අගමැතිකම පවරාගෙන සුදුස්සෙකුට දෙන්න’ -ජානිපෙ ජනපතිගෙන් ඉල්ලයි

මේ අවස්ථාවේ රට ගොඩගැනීමට නම් ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ කුඩා රාජ්‍ය ආයතන පවරා ගැනීම් නොව අගමැතිකම පවරාගෙන සුදුස්සාට ලබා දීම බව ජාතික න...


Read More

මහින්ද අගමැති කරන ඉල්ලීම ශ‍්‍රීලනිපය ඉවත දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන...


Read More

රට අරාජිකයි; ජනාධිපතිට මැතිසබය විසුරුවන්න පුළුවන් – සරත් එන්. සිල්වා

රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව...


Read More