දේශීය පුවත්

රට තුළ ක‍්‍රියාත්මක අන්තවාදී ක‍්‍රියාවන් පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ සියලූම බලතල ශ‍්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත.

ඒ අනුව පෙරේදා (24 වැනිදා) මධ්‍යම රාත‍්‍රියේ සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ බළකා, කමාන්ඩෝ ඇතුළු සියලූ බළකායන්ට අයත් හමුදා සාමාජිකයන් දසදහසකට අධික පිරිසක් විශේෂ මෙහෙයුම් සඳහා යොදවා ඇති බව යුද හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු ඊයේ (25 වැනිදා* ‘දිවයින’ට පැවසීය.

මේ යටතේ සෝදිසි කිරීම, රඳවා ගැනීම, කිසිදු පුද්ගලයකු වරෙන්තු නොකොට අත්අඩංගුවට ගැනීම ඇතුළු බලතල මෙසේ යුද හමුදාවට පවරා තිබේ.

සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මහජන ආරක්‍ෂක ආඥාපනතේ 3 වන කොටසේ 12 වැනි වගන්තිය යටතේ 2019/04/22 වැනි දින ප‍්‍රකාශයට පත් කළ අංක 2120/04 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රයට අනුව යුද හමුදාවට එම බලය පවරා ඇත.

එසේම 20 (01) වගන්තිය යටතේ කිසියම් වරදකරුවකු හෝ සැකකටයුතු ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ බලයද යුද හමුදාවට පවරා තිබේ.

20 (02) වගන්තිය යටතේ සන්නද්ධ හමුදා සාමාජිකයන් මගින් රඳවා ගෙන සිටින ඕනෑම කෙනකු පැය 24 ක කාලයක් ඇතුළත ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා ළඟම පොලිස් ස්ථානයට භාරදිය යුතු අතර, මෙම රෙගුලාසියේ (1) ෙඡ්දය යටතේ ඕනෑම ස්ථානයක වාහනයක්, යාත‍්‍රාවක් සෝදිසි කිරීමට ද, එහි තුළ සිටින පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කිරීමට ද අවසරය ලබාදී ඇත.

මීට අමතරව බන්ධනාගාර ආඥා පනතේ 77 (05) වගන්තියට අනුව පොලිස් නිලධාරියකු වෙත පවරා ඇති සියලූ බලතල හා අයිතිවාසිකම් යුද, නාවික හා ගුවන් හමුදාවේ සියලූ නිලධාරීන්ට සහ කොමිෂන් නොලත් නිලධාරීන්ට 24 වැනි රෙගුලාසිය යටතේ ලබාදී තිබේ.

ඒ අනුව සේනාධිනායක ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් මත යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ මඟපෙන්වීම මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද රැලි වලදී බෝම්බ ගැසීමට කොටි සැලැස්මක්: ඉලක්කය මෛත්‍රී, මහින්ද, ගෝඨා, ඩග්ලස්

එළැඹෙන මැතිවරණ සමයේ දකුණේ දැවන්ත පිපිරීමක් සිදු කර ප‍්‍රභූන් ඇතුළු මහා මිනිස් ඝාතනයක් කිරීම සඳහා එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් කර තිබූ සැලසුමක ...


Read More

පොහොට්ටුවේ තරුණ සමුළුවේදී ගෝඨාභය සිය සැලසුම් හෙළි කරයි ((Video)

අධ්‍යාපනය, රැකියාව, සංවර්ධනය, ආරක්ෂාව, ක්‍රීඩා සහ පරිසරය ආදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් තරුණයින්ට බලපා ඇති ගැටලුවලට ලබා දෙන විසඳුම් පිළිබඳ ප...


Read More

කරූ ඉල්ලා අස්වෙන්නෙ නෑ: ජනපති වුණත් සීමිත කාලයයි.

කරූ ජයසූරිය මහතා කථානායකධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට ඇතමුන් ගෙනයන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයක් බව කථානායක කාර්යාලය සදහන් කරයි. ...


Read More