කලා පුවත්

නර්තනය” රංගනය” ගායනය සහ ලේඛන කලාව යන සීවූ කලාවම ප‍්‍රගුණ කළ සිරිමතී රසාදරී නම් වූ කලා ශිල්පිනිය ඒ තුළින් රසිකයන් වසඟයට පත් කළාක් මෙන්ම සිනමාවේ උන්නතිය උදෙසා එහි නියැලෙන්නන්ට සම්මාන පිරිනැමීම ආරම්භ කළ ප‍්‍රථම කලාකාරියද වූවාය.

1957 ‘එක්සත් ලංකා රසික සංගමය. බිහි කිරීමෙහිලා පූරෝගාමියා වූ සිරිමතී ‘ගම්පෙරළිය. චිත‍්‍රපටය ‘රණමයුර’ සම්මානය දිනීමට පෙර දේශීය සම්මානයක් පිරිනැමූ බව දන්නේ කීයෙන් කීදෙනාද? ඒ දන්නා කිහිප දෙනාත් ඇය ජීවත්ව සිටියදී හෝ ඇය මියගියාට පසුවවත් ඇය කළ වූ නොමියන සේවයට ගෞරවයක් නොකළේය. ඉන්දියාවෙන් ලද නිසාදෝ ‘රණමයුර. ගැන පුන පුනා කීවේය. ලීවේය.

සිනමාවට එකතුවීමේ තදබල ආශාව ඇය තුළ තිබුණත් තම ආත්ම ගෞරවය පාවා දෙමින් රඟ නොපා නිෂ්පාදක පිරිසට බැණ වැදී චිත‍්‍රාගාරයෙන් එළියට බට එඩිතර සිංහල නිළිය සිරිමතී රසාදරීය.

හියුගෝ මාස්ටර්ගේ ඇරයුමෙන් මේ හුරුබුහුටි නිළිය චිත‍්‍රාගාරයට ගියේ ‘පේ‍්‍රම තරගය. චිත‍්‍රපටයේ නැටුම් දර්ශනයක නැටුම් සඳහාය. ටික දිනක් පුහුණුවීමෙන් පසුව දර්ශනය කැමරා කිරීමේ දිනය උදා විය. අඳින ඇඳුම් හරිද? වැරදිද බලන්න ගිය විට ඈ දුටුවේ ශරීරයේ අඟපසඟ පෙනෙන ඇඳුමකි. හොඳටම කේන්ති ගිය සිරිමතී මම ගැමි ගැහැණියක්. අඟපසඟ ප‍්‍රදර්ශනය කරන්න මම සූදානම් නැහැ. මම යනවා යන්න.. කියමින් ශබ්ද නඟා කීවේය.

‘‘තර්කය හරි සාධාරණයි. ඔබ ගත්ත තීරණය නිවැරදියි. කියූ හියුගෝ මාස්ටර් ‘‘මට සමාවෙයන් කෙල්ලෙ. කීමට තරම් නිහතමානී වුවද ඇය නොවේ එහි රඟපෑවේ.

‘පේ‍්‍රම තරගය. චිත‍්‍රපටයේ සංස්කරණ ශිල්පියා වූ ඒ. නාගරාජන් මේ සිද්ධිය දැකීමෙන් පසු පිටස්තර ස්ථානයකදී වුවද තම අනන්‍යතාවය කුමක්දැයි වටහා දීම ගැන පැහැදුන නාගරාජන් තමන් අධ්‍යක්ෂණය කරන ලද ‘පුදුම ලේලි. චිත‍්‍රපටයේ රඟපෑමේ අවස්ථාව ඇයට ලබා දුන්නේය.

sirimathi1ඇගේ ප‍්‍රථම රංගනය ඇතුළු වූ ‘පුදුම ලේලි. 1953 දෙසැම්බර් 4 වන තිරගත කළේය.

ඇගේ රඟපෑම් රැගත් දෙවන චිත‍්‍රපටය වූයේ ‘දොස්තර.ය. ‘දොස්තර. චිත‍්‍රපටයේ රඟපෑම ගැන සිරිමතී රසාදරී මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටියදී මෙසේ පැවසුවාය.

ඉන්දියාවේ ඇවිදීමට” දැක බලා ගන්නට මගේ සිතේ ලොකු ආශාවක් තිබුණා. ‘දොස්තර. චිත‍්‍රපටයේ රඟපෑමට ඇරයුම ලැබුණාම සතුටින් භාරගෙන එහි ගියා. සිනමාකරුවන් රාශියක් හඳුනා ගැනීමට ලැබුණා. සිනමාවේ රැඳී සිටීම හොඳයි කියල තීරණය කළේ ‘දොස්තර. චිත‍්‍රපටයෙ රඟපාද්දී.

පහළොස් හැවිරිදි වියේදී හුරුබුහුටි කෙල්ලකව සිටියදී සිනමාවට එක් වූ ඇය පවසන අන්දමට ‘පුදුම ලේලි. රඟපෑමෙන් පසු වසර තුනක් පමණ නිහඬව සිටීමට සිදු වී ඇත්තේ එක් අධ්‍යක්ෂවරයකුගේ විවිධ අන්දමේ බලපෑම් නිසා බව කීවාය. නොඑසේ නම් ‘පුදුම ලේලි. රඟපෑමෙන් පසු ‘දොස්තර. චිත‍්‍රපටය වනතුරු නිහඬව සිටීමට ඇයට නොසිදුවනු ඇත.

අනතුරුව ‘දෙයියන්ගේ රටේ.” ‘‘දෛවයෝගය.” ‘ශී‍්‍ර 296.” ‘සුරතලී.” ‘නළඟන.” ‘සංසාරේ.” හෙට ප‍්‍රමාද වැඩියි.” පරසතු මල්.” ‘සත් සමුදුර.” ‘ඇමතිකම.” හැංගි හොරා.” ‘සමාජේ සතුරෝ.” ‘ගොළු මුහුදේ කුණාටුව. යන චිත‍්‍රපටවල විවිධ චරිත රඟපෑවාය. එම අවධියේ නළු නිළියන් හැඳින්වූයේ ‘සිනමා තරු. නමින්ය. එසේම ජාතික පුවත්පත්වල සිනමා පිටු මෙන්ම ‘ලංකා චලන චිත‍්‍ර කලා. චිත‍්‍රවාහිනි වැනි සිනමා අර්ධ මාසික සඟරා තිබුණත් ඒ එක මාධ්‍යයකින්වත් විවේචනයන්ට ලක් නොවීම ඇගේ රඟපෑමේ දක්ෂතාවය විය.

සිරිමතී රසාදරී රඟපෑ චිත‍්‍රපට අතරින් මගේ දැනුම අනුව ඇගේ හොඳම රඟපෑම වූයේ ‘දෛවයෝගය.” ‘සුරතලී.” ‘පරසතු මල්. යන චිත‍්‍රපටය. ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරන ලද ‘පරසතුමල්. චිත‍්‍රපටයේ ‘මැගී. නමැති චරිතය රඟපෑම තරම් අසීරු චරිතයක් ඇය එතෙක් රඟනොපෑ අතර එහිදී ඇයට ගාමිණී ෆොන්සේකාගෙන් ලද උපදෙස් සහයෝගය නොලැබෙන්නට එදා සිරිමතී ට ‘මැගී. කෙනෙකු වන්නට නොලැබෙන බව ඇය වරක් මා හා පැවසුවාය.

‘‘සිංහල සිනමාවේ පියා වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතා පුදුම අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ජවනිකා කැමරාගත කිරීමට පෙර වේදිකා නාට්‍යයක් පුරුදු කරනවා වගේ පුහුණු කරනවා. ඔහු කියන අන්දමට මෙයින් වාසි දෙකක් ඔහුට ලැබෙනවා. එකක් චරිතය හරිහැටි නිරූපණය වීම. අනෙක කැමරාගත කිරීමේදී එක වරින් (ONE TAKE ONLY) කැමරාවට නැගීම බී. ඒ. ඩබ්ලිව් ගේ එම නුවණක්කාරකම නිසා ඔහු චිත‍්‍රපට කිහිපයක්ම අධ්‍යක්ෂණය කළා. සිනමාව ගැන එවැනි අවබෝධයක් තිබෙන අධ්‍යක්ෂවරු හිඟයි.. සිරිමතී රසාදරී පැවසුවාය. ‘‘දෛවයෝගය. චිත‍්‍රපටයේ ඇය නිරූපණය කළ ‘සුගලා. චරිතයට බී. ඒ. ඩබ්ලිව්. තම නිළියන් පුහුණු කළ අයුරු ඇය මෙනෙහි කළේ ඉතා සතුටිනි.

ඉන්දියාවේදී රූගත කළ ‘සුරතලී. චිත‍්‍රපටය සිරිල් පී. අබේරත්න අධ්‍යක්ෂණය කළ අතර ගීත ප‍්‍රබන්ධක සහ සහාය අධ්‍යක්ෂක ඩබ්ලිව්. විල්ප‍්‍රඩ් සිල්වා මානෙල් නමැති චරිතය නිරූපණය කිරීම උදෙසා ලබා දුන් උපදෙස් ඉතා උසස් බවද පැවසුවාය. ‘‘දෛවයෝගය. චිත‍්‍රපටයේ එඞී ජයමාන්න සමඟ රඟපෑ චරිතයේදී ‘පහන පත්තු නොකෙරුවාට – ගෙදර එළිය වැටෙයි ?ට ඔය විකාර බස් දොඩන්නෙ විලි බිය දෙක නැද්ද දන්නෙ. ගීතය මොහිදීන් බෙග් සමඟ ගායනා කරමින් රඟපෑමේදී ඇය දැක්වූ අපූරු කුසලතාවය කියා නිම කළ නොහැක.

‘දුක නිවා ගත් ඝෝර සසරේ ඒ මහා වීර බුදු පියා. පේ‍්‍රමනාත් මොරායස් සමඟ ගායනා කරමින් සිය ගායන හැකියාව තහවුරු කළාය. කලා ක්‍ෂේත‍්‍රයේ අංශ ගණනාවකම පැතිරුණු කෞශල්‍යයකින් යුතු වුවද ඇය වඩාත්ම කැමැත්තක් දැක්වූයේ නැටුම් ශිල්පයටය.

ගිරාගම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන රත්න දිසානායක” සිරිමතී ගේ ආදරණීය සැමියා වූ අතර ඇගේ කලා ජීවිතයට ඔහුගෙන් ලැබුණේ විශාල පිටිවහලකි.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කළ සිරිමතී රසාදරී අතින් සිදු වූ තවත් වැදගත් මෙහෙවරක් වනුයේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම වරට භාරතීය නැටුම් ගැන සිංහලෙන් පොතක් ලියා නිකුත් කිරීමය. එහි නව ‘නර්තන කලා. නම් විය.

‘එක්සත් ලංකා රසික සංගමය. පිහිටුවීමේදී ඇගේ උදාර සේවයට ඇයට ධෛර්ය දුන් අය අතර චන්ද්‍ර පෙරුම්පුලී” ගුණරත්න රත්නායක” තිස්ස ලියනසූරිය” පියදාස ගුණසේකර” ශාන්ති විරාජ්” ජෝශප් වනිගසේකර” යසපාල අතපත්තු යන කලා ශිල්පීන්ද සිටියහ.

1964 චිත‍්‍රපට කොමිෂන් සභාව ඉදිරියේ එක්සත් ලංකා රසික සංගමය වෙනුවෙන්” කලාව වෙනුවෙන් සාක්කි දෙමින් සිනමාවට කළ සේවය සදානුස්මරණීයයි. 1967 ඉන්දියාවට ගිය ඇය භාරතයේ කතකලී නැටුම් කලාව ප‍්‍රගුණ කළාය. සිරිමතී රසාදරී එහි සංගීත ඇකඩමිය මගින් ඉන්දීයාව පුරාම සංචාරය කරමින් උඩරට නැටුම් හා කතක් ඩ්රම්ස් නැටුම් ඉදිරිපත් කරමින් ලංකාවේ නම ඉන්දියාවේ පැතිරවීමට කටයුතු කළාය.

1977 නැවත ශී‍්‍ර ලංකාවට පැමිණ ‘සංගීත කේන්ද්‍ර. නමින් හින්දි සංගීතය වාදනය හා කතක් නැටුම් උගන්වන්න පුද්ගලික ආයතනයක් ආරම්භ කළාය. එය භාත්ඛණ්ඬේ සංගීත් විද්‍යා පීඨයට අනුබද්ධිත ආයතනයක් ලෙස

පිළිගෙන තිබුණේය. 1987 සිට භාත්ඛණ්ඬේ සියලූම සංගීත විභාග සමත් වන කොළඹ මධ්‍යස්ථානය ලෙසින් මෙය අනුමත කර තිබීම විශේෂත්වයකි. 1992 සැප්. 4 වැනිදා ඇය අභාවප‍්‍රාප්ත වූවාය.

හෙන්රි පි‍්‍රයශාන්ත මෙන්දිස්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඩොලර් මිලියන 2 කට 20 ට ඡන්දය දුන්නොත් ඒක මහ දේශද්‍රෝහී ක්‍රියාවක් – අද්මිරාල් සරත් වීරසේකර

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට ඩොලර් මිලියන 2 බැගින් බෙදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව අද්මිරාල් සරත් වීරසේකර...


Read More

පොලිස්පතිතුමා අනතුරේ…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඝාතනය කිරීමේ තැත සම්බන්ධයෙන්, පොලිස්පති පූජිත ජයසුන...


Read More

මාධ්‍ය ආයතන 4කට අධිකරණයෙන් නියෝගයක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමට ත්‍රස්ථ විමර්ශන එක්කයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නා...


Read More