දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කැඳවා තිබූ කැබිනට් මණ්ඩලයේ හදිසි විශේෂ රැස්වීම මේවන විට අවසන් වී තිබේ.

මෙම විශේෂ රැස්වීම අද දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අතර සියලුම අමාත්‍යවරුන්ට අද දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබිණි.

මේ අතර එම විශේෂ රැස්වීමට සහභාගී වූ ඇමැතිවරුන්ද මාධ්‍යයට අදහස් දක්වා නොතිබිණි. මේ වනතෙක් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න හෙළි වී නොතිබිණි.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල සහ මනෝ ගනේෂන් මේවන විට නිල සංචාරයවල නිරත වේ.

සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) පෙරවරුවේ පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රනිල් – සුමන්තිරන් රහසිගත තීන්දු ගැන මහින්දගෙන් අනාවරණයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම් ඒ සුමන්තිරන් යන දෙදෙනා රහසිගතව ගත්තාවූ තීන්දු ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජ...


Read More

රංගෙට වසන්තට කැබිනට් නොවන ඇමැති පදවි

ඉතා ඉක්මණින් රංගේ බණ්ඩාර හා වසන්ත සේනානායක යන මහත්වරුන් කැබිනට් නොවන අමාත්‍ය පදවි දෙකකට පත්කරනු ඇතැයි ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග කියය...


Read More

පළාත් සභා 3ක් විසුරුවයි! සියලුම ඡන්ද කඩිනමන්

මේ වනවිට විසුරුවා නැති පළාත් සභා තුනද ඉක්මනින් විසුරුවා පළාත් සභා 9ම මැතිවරණ එකවර පැවැත්වීම සඳහා කැබිනට් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා විසි...


Read More