දේශීය පුවත්

‘ඉන්දියානු සාගරය අපගේ ආනාගතය නිර්වචනය කිරීම’ යන මැයෙන් විශේෂිත අන්තර්ජාතික සමුළුවක් අද 11 දා උදෑසන අරලියගහ මන්දිරයේදී ආරම්භ විය.

දෙදින සමුළුවක් ලෙස පැවැත්වෙන මෙම සමුළුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්පිරීමකි. සමුළුවේ ආරම්භක සැසිවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතව තිබුණු අතර සමුළුවට ඔහු පැමිණි නමුත් නමුත් ප්‍රධාන වේදිකාවට පවා නොපැමිණ සිටියේය.

නිවේදිකාව විසින් පසුව දැනුම් දෙනු ලැබුවේ ජනාධිපතිවරයාට විශේෂ වැඩකටයුක්තක් සඳහා ශාලාවෙන් පිටත්ව යෑමට ඇති බවයි. පසුව ජනාධිපතිවරයාට වේදිකාවේ වෙන්කර තිබූ අසුනට විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට පැමිණෙන ලෙස ආරාධනා කෙරුණි.

ඔහුද නොපැමිණි අතර නිවේදිකාව සමාව ආයාචනා කරමින් එම අසුන කථානායක කරූ ජයසූරිය මහතාට ආරාධනා කළාය. ලක්ෂ්මන් කදිරගාමන් ආයතනයේ අධ්‍යක්ෂ ගනේෂන් විග්නරාජා, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන යන අයගේ පිළිගැනීමේ කතාවෙන් හා අරමුණ පැහැදිලි කිරීමේ කතාවෙන් පසු ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලැබීය.

අග්‍රාමාත්‍ය රයාගේ දේශනාව යන අතරතුර ජනාධිපතිවරයා සභාවෙන් නික්ම ගිය අතර ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට තමන් පිටව යන බව සංඥා කළ අතර දේශනාව මදකට නතර කළ අග්‍රාමාත්‍යවරයා හිස සොලවා ජනාධිපතිවරයාගේ සංඥාවට පිළිතුරු දුන්නේය.

මෙහිදී නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා වේදිකාව තුළ එහාට මෙහාට ගමන් කරමින් සමුළුව සාර්ථක කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන අයුරු දක්නට ලැබුණි.

-Ada



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දෙසැම්බර් 10 න් පසු එජාප තනි ආණ්ඩුවක්

එක්සත් ජාතික පක්ෂය ජාතික රජයෙන් ඉවත්වී දෙසැම්බර් 10 වැනිදායින් පසු තනි ආණ්ඩුවක් පිහිටුවීමට සැලසුම් කර ඇත.ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන අයවැය...


Read More

මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට ආණ්ඩුව පුපුරයි

ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ...


Read More

බැසිල් ජනපති තරගයට වැඩ!

ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීමේ තරඟයට බැසිල් රාජපක්ෂ අවතීර්ණ වී ඇති බවත් ඒ සඳහා ඔහු විසින් ගෝඨාභය රාජපක්ෂ...


Read More