ව්‍යාපාරික පුවත්

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එළඹෙන නොවැම්බර් 09 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2018 අයවැය යෝජනා හරහා කුඩා මෝටර් රථ හා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා ඇති නිෂ්පාදන බදු සුවිශේෂී ලෙසින් පහළ දමනු ඇතැයි වාර්තා වේ. මෙය සභාග රජයේ අභිනව මුදල් අමාත්‍යවරයා විසින් කරනු ලබන පළමු අයවැය කථාවයි.

යහපාලන රජයේ පළමු අයවැය වූ 2016 අයවැය යෝජනා තුළින් මෝටර් රථ නිෂ්පාදන බදු විශාල වශයෙන් ඉහළ දැමීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පියවර ගත්තේය. මේ හේතුවෙන් එතෙක් රුපියල් පහළොස් ලක්ෂයේ සීමාවේ පැවති කුඩා මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 5-8 ත් මිල ගණන්වලින් ඉහළ ගිය අතර ඉලෙක්ට්‍රික් මෝටර් රථයක මිල 100% කින් ඉහළ ගියේය.

මේ හේතුව මත මෙරට ඉලෙක්ට්‍රික් මෝටර් රථ කර්මාන්තය විශාල වශයෙන් කඩා වැටුණු අතර මෙරටට නවතම ඉලෙක්ට්‍රික් මෝටර් රථ මාදිලි හඳුන්වා දීමට බලාපොරොත්තුවෙන් සිටි මෝටර් රථ වෙළෙඳුන් සියල්ලක්ම පාහේ සිය සැලසුම් හකුළා ගැනීමට තීරණය කළේ හිටපු මුදල් අමාත්‍යවරයාගේ අදාළ යෝජනා පිළිබඳ අප්‍රසාදය ද පළ කරමිනි.

මේ බව මනාව වැටහෙනුයේ පසුගිය වසර කිහිපය තුළ මෙරට ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු නව මෝටර් රථ ප්‍රමාණය පිළිබඳ විමසීමෙනි. 2015 වසරේ දී ලියාපදිංචි කෙරුණු නව මෝටර් රථ සංඛ්‍යාව 105,6258 ක්වූ අතර එය 2016 වසර තුළ දී 45,172 ක් දක්වා සීඝ්‍රයෙන් පහළ බැස්සේය. නවතම දත්ත වාර්තා අනුව 2017 මුල් මාස 08 තුළ දී ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ ප්‍රමාණය 23,000 ක් පමණ වේ.

මෝටර් රථ නිෂ්පාදන බදු ඉහළ දැමීමෙන් රජය ඉහළ බදු ආදායමක් බලාපොරොත්තු වුවද, සිදුවූයේ ආනයන අධෛර්යමත් වී රජයේ බදු ආදායම ද පහළ යාමයි. 2015 වසරේ දී රථවාහන ආනයන සඳහා ඩොලර් මිලියන 1,359.6 ක වියදමක් දරා තිබුණු අතර එය 2016 වසර තුළ දී ඩොලර් මිලියන 794.8 දක්වා 41.5% කින් පහළ ගියේ ඊට සාපේක්ෂව රජයේ බදු ආදායම ද පහළ දමමිනි.

එසේම ආනයන අධෛර්යමත් කිරීම තුළින් වෙළෙඳ ශේෂයේ පටුවීමක් 2016 වසරේ දී දැකගන්නට නොලැබිණි. 2016 වසරේ සමුච්ඡිත වෙළෙඳ හිඟය, 2015 වසරේ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 8,388 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 9,090 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර දේශපාලන විචාරකයින් පවසනුයේ 2018 වසර, ආරම්භයේ පටන් ම මැතිවරණ වසරක් වනු ඇති බැවින් ඒ සඳහා සභාග ආණ්ඩුවේ සූදානම එළඹෙන අයවැය තුළින් පිළිබිඹු වනු ඇති බවයි. එබැවින් ජනතාවට දැනෙන සහන රැසක් මෙවර අයවැයෙන් බලාපොරොත්තු විය හැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.

Derana



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම...

ඊලාම් සංකල්පය අලුත්වෙයි…රුද්‍රකුමාර් ඊලම වෙනුවෙන් ජනමතයක් ඉල්ලා සටනට

ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊලාම් රාජ්‍යක් ස්ථාපිත කිරීම ඇතුළු විසදුම්මාලාවක් උතුරු - නැගෙනහිර සහ දෙමළ ඩයස්පෝරාවේ දෙමළ ජනතාවට ඉදිරිපත් කර ජනමත...