ප‍්‍රධාන පුවත්

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකු මේ මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඊයේ පස්වරුවේ හම්බන්තොට පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
 

නාමල්, චානක, ප‍්‍රසන්න ඇතුළු 7 ක් අත්අඩංගුවට

හම්බන්තොට පැවැති විරෝධතාවය ගැන ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබූහ.

අත්අඩංගුවට පත් වූ සෙසු පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී වී චානක, ප්‍රසන්න රණවීර මහත්වරු ද, පළාත් සභා මන්ත්‍රී   උපාලි කොඩිකාර මහතා ද, හිටපු මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න  ද වෙති.

අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදු දේපොළවලට අලාභ හානි කිරීම, ඇතුළු චෝදානා මුල්කරගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 



සම්බන්ධ පෙර පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නෑ…

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ...

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම...