ක්‍රීඩා පුවත්

පකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය 7 වන ටෙස්ට් ශතකය ලබාගැනීමට දිමුත් කරුණාරත්න සමත්වුනා.

ඩුබායිහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේවන විට කඩුලු 3 ක් දැවී ලකුණු 254 ක් ලබා සිටිනවා.

දිමුත් කරුණාරත්න ලකුණු 110 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 22 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටී.

දිවා රාත්‍රී තරගයක් වන මෙය ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු දිවා රාත්‍රී ටෙස්ට් තරගයයි.

එමෙන්ම රෝස පැහැති පන්දුවකින් ක්‍රීඩා කරන අත්දැකීමට ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය ද මෙය වීම විශේෂත්වයකි.

ඒ අනුව රෝස පැහැති පන්දුවක් යොදා ගනිමින් පැවැත්වෙන තරගයක ශතකයක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසට දිමුත් කරුණාරත්න වාර්තා අතරට එක්වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අවසන් තීරණයට ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සංවිධායකයන් කැඳවයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් සඳහා නොබෙදුණු පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරීමට අවසන් තීරණයක් ගැනීම සඳහා ඒක...

අලුත් ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අවශ්‍ය නෑ – අස්ගිරි මල්වතු සංඝ සභාව තීන්දු කරයි

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බව අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි. අද(18) පස්වරුවේ මහනුවර...

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...