ප‍්‍රධාන පුවත්

ආණ්ඩුවෙන් යන අයෙකුට යා හැකි බවත් ඒ අයට සිදුවන දේ බලාගත හැකි බවත් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමට පවසා ඇතැයි වාර්තාවේ. පසුගිය දිනෙක දකුණු පළාතේ හෝටලයකදී ඉතාමත් රහසිගතව මෙම රැස්වීම පවතිවා ඇත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් – මහින්ද පාර්ශවය සමග එකගතාවයක් ඇති කර ගත යුතු බව කරන ප‍්‍රකාශ මෙහිදී ජනාධිපතිවරයාගේ උදහසට ලක්වී ඇතිැයි පැවසේ.

යමෙකුට ආණ්ඩුවෙන් යෑමට අවශ්‍යනම් යා හැකි බවත්, ඔවුන්ට සිදුවන දේ දැක ගත හැකි වනු අැති බවත් ඔහු එහිදී අවධාරණය කර ඇත. පසුව රැස්වීමට පැමිණ සිටි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් තනි තනිව හමුවූ ජනාධිපතිවරයා ඔවුන්ගේ හැසිරීම් ගැන අවවාද කර ඇත. ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව නිතර කියන වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨයෙකු මෙහිදී  ජනාධිපතිවරයාගේ ඉතා දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
ආණ්ඩුවෙන් ඉවත් වන බව කී බොහෝ දෙනෙකු මේ වන විට නිශ්සබ්දවී සිටින්නේ මෙම රැස්වීමෙන් පසුව බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නෑ…

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ...

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම...