දේශීය පුවත්

පාක්‌ෂිකයන්ට ඇති ගැටලුව 2020 දී ආණ්‌ඩුවක්‌ ගන්නකොට මෛත්‍රී ද මහින්ද කියන එක නොව මේ යන විදිහට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවක්‌ කොහොමද ගන්නෙ කියන එක බව කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ඡේ සෙනෙවිරත්න පවසයි.පසුගියදා රත්නපුර පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ දිස්‌ත්‍රික්‌ සම්මේලනය අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ පක්‌ෂ දෙකට බෙදී 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ කෙසේදැයි පාක්‌ෂිකයන් පෙරලා ප්‍රශ්න කරන බවයි.

“ අපි සම්මුති ආණ්‌ඩුවක්‌ හැදුවෙත් වසර දෙකක්‌ තුළ රටේ මූලික අවශ්‍යතා කිහිපයක්‌ ඉටු කරගන්න අපේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන්. එක්‌සත් ජාතික පක්‌ෂයත් එක්‌ක දිගටම ආණ්‌ඩු කරන්න අපේ බලාපොරොත්තුවක්‌ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආණ්‌ඩුවකින් වගේ අපේ බලාපොරොත්තු වගේම, පාක්‌ෂිකයන්ගේ ඉල්ලීම් බොහොමයක්‌ ඉෂ්ට කර ගන්න අද අපිට බැහැ. මාරුවක්‌ ගන්න ගියත් වෙන දෙයක්‌ කරගන්න ගියත් බොහෝ තැන්වල ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන්ට තියෙන්නේ කුඩම්මගේ සැලකිළි.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව මම පිළිගන්නේ නෑ…

උතුර නැඟෙනහිර පළාත්වල ජීවත් වන බහුතරය බෞද්ධයන් නොවන බැවින් එම පළාත් දෙක අනාගමික කළ යුතු බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ...

ව්‍යවස්‌ථා සංශෝධනයේ අරමුණ රට ෆෙඩරල් කිරීමයි… මහින්දගෙන් විශේෂ නිවේදනයක්

යහපාලන ආණ්‌ඩුව ව්‍යවස්‌ථා සංශෝධනය මගින් බලාපොරොත්තු වන්නේ බුදුදහමට හෝ ජාතික ගීයට අදාළ නීතිමය ප්‍රතිපාදන වෙනස්‌ කිරීම නොව ඒකීය පදනමේ සිට ෆ...

අගමැති බැඳුම්කර කොමිසම හමුවට

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් තමන් ගැන කියැවුණු සඳහනට අදාළව ඕනෑම පැහැදිලි කිරීමකට තමන් සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ ම...